ගෙම්බා


ඌ එසේ මෙසේ ගෙම්බෙක් නොවේ.. ඌ ගස්ගෙම්බෙක්ය.. ඌ පසුගිය දින වලම මගේ කාමරයේ තැන් තැන් වල ගුලිවී සිටියේය.. බොහෝ විට ඌ සිටින්නේ බිත්තියේය.. ඌ මගේ කාමරයට පැමිනියේ පසුගිය මාසයේය.. දිනය හරියට මතක නැත.. ඊයේ වනතුරු ඌ මා සා මේ කාමරයේ වාසය කරයි.. දිවා කාලයේදී ඌ එක්තැන්ය.. එහෙත් රාත්‍රියේදී ඌ තැන් තැන් වලට ගමන් කරයි.. ඌ අහාර ගන්නා අයුරු මා දැක නැත.. මා සිතන අන්දමට ඌ රාත්‍රිෙය්දි ආහාර සොයා යනවා විය හැක.. එමගින් ඌ නිශාචරයෙක් විය හැක.. උගෙන් මෙතෙක් කල් මා හට කිසිදු කරදරයක් නොපැමිණියේය.. එම නිසාම ඔහු මාගේ මිත්‍රයෙක් විය..

 අල්ලපු ගෙදර නංගි ආ දවසක අැය කාමරය දෙවනක් වෙන්නේ කෑ ගසා "ඊයා ගස්ගෙම්බෙක් කීවාය"එය ඇයගේ ගැටළුවක්.. මාගේ ගැටළුවක් නොවේ එබැවින් මා කිසිත් ඇය හට නොකිව්වේමි .. මා මිත්‍රයාටද කිසිත් නොකලෙමි.. සෑම දිනයකදීම මා මදුරු දැල භාවිතා කරන නිසා මගේ මිත්‍රයාගෙන් මා හට නින්දෙදි වත් බාදාවක් නොපැමිණියේය.. දැනට දින දෙකකට පමන පෙර සිට ඔහු මගේ ඇද අසල රැදී සිටීමට පුරුදු වූ වේය.. ඊයේ දිනය මට තරමක් කාර්යය බහුල දිනයක් විය.. මා නිවසට පැමිනෙන විට හවස් වී තිබුනි.. නිවසට පැමිනි වහාම ඇග සෝදාගෙන රාත්‍රි ආහාරයද ගෙන නිදි දෙව්දුවට තුරුල් වීමට මා සිතුවේ මා හට දැනුන තදබල නිදිමත නිසාය.. කාමරයට පැමිණි විට මාගේ මිිත්‍රයා බිත්තියේ රැදී සිටිනු මා දුටුවෙමි.. ඇතිව තිබූ නිදිමත නිසාම මා ඇද ගසාගෙන මදුරු දැලද දමාගෙන නින්දට ගියෙමි..

අද දිනය උදාවිය.. තරමක අමුත්තක් මා පිටට දැනුනේය.. යම් සීතලක් පිටට දැනුන නිසාම මා හෙමිහිට නැගිට ඒ බැළුවෙමි.. මා මිත්‍රයා අත් පා සතර විහිදා අවසන් ගමන් ගොස්ය.. ඒ සමගම මාගේ මදුරු දැලේ ඇති තඩි සිදුරද මා හට මතක් විය..

නොගැලපෙන අය ඇසුරු කිරීමෙන් ලැබෙන ආනිශංස මා මිත්‍රයා මා හට කියා දෙමින් අද දින උදෑසන හතට පමණ මහපොළවේ සදාකාලික නින්දකට ගියේය..