නාලිකාව

එය නාලිකාවකි.. නාලිකාවක් යනු මාධ්‍යයක් නොවේ.. මාධ්‍යයකින් ජනතාවට සත්‍ය ප්‍රකාශ කල යුතුය.. එහෙත් එහි එසේ නොවේ.. එබැවින් එය නාලිකාවකි..

ඊයේ රාත්‍රීයේ (17) හදිසියේම ඇය මට සුපිරි හපනා බලන්න යැයි කීවාය.. අපගේ නිවසේ ඇති  රූපවාහිනියේ එම නාලිකාව නැත.. එය මා විසින් ඉවත් කර තිබේ..සමහර දිනවලදී එහි සංඛ්‍යාත වල හුට පට වී වෙනත් චැනලයක සංඛ්‍යාත අභිබවා එය අපගේ රූපවාහිනියේ දිස්වේ.. එසේ හැරෙන්නට මා එම නාලිකාව නොබලන්නෙමි.. මා හට ඇගේ වචනයට පිටින් යාමට හැකි වුවත් ඇගේ සතුට ගැන සිතා එය නැරඹීමට තීරණය කලෙමි..
එහෙත් එම නාලිකාව අපගේ රූපවාහිනයට සුසර කිරීමට මාගේ කැමැත්තක් නෙවීය.. එම නිසා මම එය එහි වෙබ්අඩවියෙන් මාර්ගගතව නැරඹීමට (online stream) පිවිසුනෙමි.. බැලූබැල්මට එය අතහැර දැමූ අම්බලමක් වැනිය.. එහි එන මාර්ගගතව නැරඹීමේ සබැඳි නිසිලෙස ක්‍රියානොවුනි..  කරන්නට කිසි දෙයක් නොමැත.. මම එම වෙබ් අඩවිය ගවේශනය කලෙමි.. පහලටයත්ම දැඩි අසරණ තාවයකට හා ශෝකයකට මාගේ හිත පත්විය.. එහි පසක මෙසේ සදහන් වී තිබුනි,
  • Best Media Website - Gold Winner
  • Best Developer -Bronze Winner
(කෙසේ වෙතත් මේ පිළිබදව තොරතුරු දැන ගැනීමට ඇති සබැඳිද නිසි ලෙස ක්‍රියාත්මක නොවුනි)

මා වෙඩ් අඩවි ඕනෑ තරම් දැක ඇත.. විවිධ මාධ්‍ය වල වෙබ් අඩවි රැසකට පිවිස ඇත.. බැලූ බැල්මට ඒවා හි කිසිදු වරදක් කීමට නැත.. එම අඩවි වල ඇති අත්‍යවශ්‍ය සබැඳි නිසි ලෙස ක්‍රියත්මක වෙයි.. එහෙත් හරි හැටි මාර්ගගත නැරඹීමේ සබැඳියක්වත් ක්‍රියානොකරන මෙම වෙබ් අඩවිය හොදම මාධ්‍ය වෙබ් අඩවිය වී ඇත.. එහිදී මෙම නාලිකාවට අපට කිසිවත් කිවිය නොහැක.. මන්ද එය තෝරා ඇත්තේ එම නාලිකාවම බලන බුද්ධිමත් ජනතාව විසින් විය යුතු නිසාය.. තවද මෙම නාලිකාව මාධ්‍යයක් නොවේ.. නාලිකාවකි.. 

මෙම නාලිකාව අඩම්බර තාත්තාට වන්දනාවේ යයි.. ගුණ වයයි.. එහෙත් නාලිකාව ඇත්තේ ගල් යුගයේය.. අනෙකුත් මාධ්‍ය හා සැසදිය නොහැක.. කිමද මෙය අනෙකු මාධ්‍ය ගනයට අයත් නොවන නිසාය.. සැසදීමට ඇති එකම මාර්ගය තනාගැනීමට අප මෙම නාලිකාව මාධ්‍යයක් යැයි උපකල්පණය කල යුතුය.. එවිට එය මෙසේ වේ.. අනෙකුත් මාධ්‍ය හා ගත් කල මෙම නාලිකාව අභාවයට යන ප්‍රේක්ෂකයන් හට මුසා බස් පවසන, තාක්ෂණය අතින් ගල් යුගයේ සිටින, අඩම්බර තාත්තාට අසීමිත ලෙස වන්දනා මාන නාලිකාවකි..


 අප දෙවියන් යදින්නේ අප හට සෙතක් සළසා ගැනීමටය.. අප ගසක් රැකබලාගෙන පෝෂණය කරන්නේ එයින් ප්‍රයෝජන ගැනීමටය.. එහෙත් මෙම නාලිකාව ආඩම්බරකාර තාත්තාට යදින්නේ කුමක් නිසාදැයි මා හට සිතාගත නොහැකිය.. අවුරුදු ගනනක් වන්දනා මාන කලද කිසිදු සෙතක් වී ඇති බව නොපෙනේ.. තාමත් තාක්ෂණය ඉතා දුර්වලය.. මේ වන විට Stereo Audio ඇති නාලිකා බොහොමයක් ඇත.. එහෙත් මෙම නාලිකාව තවමත් Mono Audio සම්ප්‍රේශනය කරයි.. බොරු කියා ආඩම්බර තාත්තාව වන්දනාමාන කිරීමෙන් නාලිකාවට ඇති සෙතක්ද නොමැත.. ජනතාවට ඇති සෙතක්ද නොමැති.. ජනතාව අදුරේය, නාලිකාව පැදුරේය, ආඩම්රකාර තාත්තා මැදුරේය.. එහෙත් නාලිකාව පවසන්නේ ඔවුන් සැමවිටම සත්‍යය පවසන බවය.. ඒ ගැන එය නරඹන බුද්ධිමත් ජනතාවට නොතේරෙන්නේ කිමද කියා මා හට දැන් තේරෙයි.. ඔවුන් බුද්ධිමත් යැයි පවසන්නේද මුසා බස් දොඩන නාලිකාවෙනි.. එබැවින් ඔවුන්ගේ බුද්ධිය ගැන අපට සිතාගත හැක..


ඔව් ඒ නාලිකාව ඔබේ පවුලේ නාලිකාවයි



No comments:

Post a Comment