ගෙම්බා


ඌ එසේ මෙසේ ගෙම්බෙක් නොවේ.. ඌ ගස්ගෙම්බෙක්ය.. ඌ පසුගිය දින වලම මගේ කාමරයේ තැන් තැන් වල ගුලිවී සිටියේය.. බොහෝ විට ඌ සිටින්නේ බිත්තියේය.. ඌ මගේ කාමරයට පැමිනියේ පසුගිය මාසයේය.. දිනය හරියට මතක නැත.. ඊයේ වනතුරු ඌ මා සා මේ කාමරයේ වාසය කරයි.. දිවා කාලයේදී ඌ එක්තැන්ය.. එහෙත් රාත්‍රියේදී ඌ තැන් තැන් වලට ගමන් කරයි.. ඌ අහාර ගන්නා අයුරු මා දැක නැත.. මා සිතන අන්දමට ඌ රාත්‍රිෙය්දි ආහාර සොයා යනවා විය හැක.. එමගින් ඌ නිශාචරයෙක් විය හැක.. උගෙන් මෙතෙක් කල් මා හට කිසිදු කරදරයක් නොපැමිණියේය.. එම නිසාම ඔහු මාගේ මිත්‍රයෙක් විය..

 අල්ලපු ගෙදර නංගි ආ දවසක අැය කාමරය දෙවනක් වෙන්නේ කෑ ගසා "ඊයා ගස්ගෙම්බෙක් කීවාය"එය ඇයගේ ගැටළුවක්.. මාගේ ගැටළුවක් නොවේ එබැවින් මා කිසිත් ඇය හට නොකිව්වේමි .. මා මිත්‍රයාටද කිසිත් නොකලෙමි.. සෑම දිනයකදීම මා මදුරු දැල භාවිතා කරන නිසා මගේ මිත්‍රයාගෙන් මා හට නින්දෙදි වත් බාදාවක් නොපැමිණියේය.. දැනට දින දෙකකට පමන පෙර සිට ඔහු මගේ ඇද අසල රැදී සිටීමට පුරුදු වූ වේය.. ඊයේ දිනය මට තරමක් කාර්යය බහුල දිනයක් විය.. මා නිවසට පැමිනෙන විට හවස් වී තිබුනි.. නිවසට පැමිනි වහාම ඇග සෝදාගෙන රාත්‍රි ආහාරයද ගෙන නිදි දෙව්දුවට තුරුල් වීමට මා සිතුවේ මා හට දැනුන තදබල නිදිමත නිසාය.. කාමරයට පැමිණි විට මාගේ මිිත්‍රයා බිත්තියේ රැදී සිටිනු මා දුටුවෙමි.. ඇතිව තිබූ නිදිමත නිසාම මා ඇද ගසාගෙන මදුරු දැලද දමාගෙන නින්දට ගියෙමි..

අද දිනය උදාවිය.. තරමක අමුත්තක් මා පිටට දැනුනේය.. යම් සීතලක් පිටට දැනුන නිසාම මා හෙමිහිට නැගිට ඒ බැළුවෙමි.. මා මිත්‍රයා අත් පා සතර විහිදා අවසන් ගමන් ගොස්ය.. ඒ සමගම මාගේ මදුරු දැලේ ඇති තඩි සිදුරද මා හට මතක් විය..

නොගැලපෙන අය ඇසුරු කිරීමෙන් ලැබෙන ආනිශංස මා මිත්‍රයා මා හට කියා දෙමින් අද දින උදෑසන හතට පමණ මහපොළවේ සදාකාලික නින්දකට ගියේය..

බුරියානි


මේක උනේ ගොඩයලා නුවරඑළියේ ට්‍රිප් එකක් ගිය දවසක.. ගොඩයගේ සෙට් එකේ ඉන්නවා එක සල්ලිකාර එත් ගොඩේ පොරක්.. ගොඩය එහෙම මුගෙන් තමයි දත ගලවන්නේ.. ඔන්න ඉතින් එදාත් ගොඩයයි උගේ යාළුවෝ සෙට් එකයි අරූගේ දත ගලවන්න කියලා අරුත් එක්ක හොටෙල් එකකට ගියා.. වේටර් අයියා ඇවිත් මෙනු එකක් දුන්නා.. ගොඩයයි යාළුවෝ සෙට් එකයි බලලා බලලා කවදාවත් කාලා නැති බුරියානි පහක් ඕඩර් කලා.. ටිකවෙලාවකින් ඕඩර් කලා වගේම බර්යානි ප්ලේට් පහකුයි තව පිගන් සෙට් එකකුයි හැදි ගෑරුප්පු පිහි සෙට් එකකුත් ගෙනත් මේසෙන් තියලා වේටරයා ගියා.. දැන් ඉතින් ගොඩයලාට  හීන් දාඩියත් දැම්මා.. කවදා කාපු ටකරන්ද.. ජීවිතේට හැන්දක් අතින් අල්ලලාවත් නැති අපි කොහොමද හැදි ගෑරුප්පු වලින් කන්නේ.. අත හෝදන්න වතුර එකකුත් නෑ.. කරන්න දෙයක් නෑ ජන්මේ බේරගන්න කියලා ගොඩයා හැන්දයි ගෑරුප්පුවයි අරගත්තා.. අනිත් උන්ට ආතභුත.. "ඒ බං උබ ගෑරුප්පුවෙන් කන්න දන්නවද බං" අනිත් උන් ගොඩයගෙන් අහන්න පටන් ගත්තා.. ගොඩයා මොකුත්ම නොකියා හැන්දයි ගෑරුප්පුවෙනුයි පිගානට ගගහා හිටියා.. එකපාරටම වේටරයෙක් ඇවිත් මල්ලිලා අත හොද්න්න වතුර එකක් දෙන්ත් දෙන්නද කියලා අහපි.. අපේ උන්ගේ ඇගවල් වලට ලේ ටිකක් ඉනුවේ දැන් තමයි.. කොහොම හරි වේටරයා ගිහින් වතුර එකකුත් ගෙනාවා අපේ උන්දැලත් අත හොදගෙන පිගන් අයින් කරලා බුරියානි ප්ලේට් එක අරන් කන්න හදනකොටම වේටරයා හෝව් හෝව් මල්ලි ඕහොමනෙමෙයි මේකෙන් පිගානට බෙදාගෙන කන්න කියලා කඩ්ඩට හිනාවකුත් දාලා ගියා.. අපේ උන්ටත් මාර සාටර් එක.. කොහොම හරි වේටර් අයියගෙන් අහගෙන එදා චාටර් කාගෙන හරි බුරියානි ගිල්ලා..

නාලිකාව

එය නාලිකාවකි.. නාලිකාවක් යනු මාධ්‍යයක් නොවේ.. මාධ්‍යයකින් ජනතාවට සත්‍ය ප්‍රකාශ කල යුතුය.. එහෙත් එහි එසේ නොවේ.. එබැවින් එය නාලිකාවකි..

ඊයේ රාත්‍රීයේ (17) හදිසියේම ඇය මට සුපිරි හපනා බලන්න යැයි කීවාය.. අපගේ නිවසේ ඇති  රූපවාහිනියේ එම නාලිකාව නැත.. එය මා විසින් ඉවත් කර තිබේ..සමහර දිනවලදී එහි සංඛ්‍යාත වල හුට පට වී වෙනත් චැනලයක සංඛ්‍යාත අභිබවා එය අපගේ රූපවාහිනියේ දිස්වේ.. එසේ හැරෙන්නට මා එම නාලිකාව නොබලන්නෙමි.. මා හට ඇගේ වචනයට පිටින් යාමට හැකි වුවත් ඇගේ සතුට ගැන සිතා එය නැරඹීමට තීරණය කලෙමි..

ගොඩයා ගැන




ගොඩයා ගැන කිව්වොත් ගොඩයා ගොඩයෙක්මයි.. ගොඩයා සමජය දිහා බලන ගොඩේ බැල්ම, සමාජය එක්ක ගණුදෙනු කරන ගොඩේ ක්‍රමය ගොඩේ විදිහටම කරන එකෙක්.. දිගටම ගොඩයා එක්ක හිටියොත් ගොඩයා ගැන ගොඩක් විස්තර දැන ගන්න පුළුවන් වෙයි :D